කැලණිය සහ ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්

by Staff writer 09-09-2019 | 10:55 AM
COLOMBO (News 1st) : හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙවන අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි. වත්තල, මාබෝල, ජා - ඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජා- ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.