එජා මානව හිමිකම් සමුළුවේ 42 සැසිය ඇරඹෙයි

එජා මානව හිමිකම් සමුළුවේ 42 සැසිය අද ඇරඹෙයි

by Staff writer 09-09-2019 | 12:29 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවේ එම සමුළුව සඳහා අද දිනයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත බවයි. මෙම සමුළුව ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සැසිවාරය තුළදී ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.