English
தமிழ்
කර්තෘ Staff writer
09 Sep, 2019 | 4:22 pm
ඒ, පොලිස් නිලධාරියෙකුට දුරකතනය ඔස්සේ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.
පසුගිය ජනවාරි 07 වන දා කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සමග කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට අනියුක්ත කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.
එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, 36 හැවිරිදි කේමදාසන් දුෂ්‍යන්තන් නැමැති අයෙකි.
පසුව කංජිපානි ඉම්රාන් විසින් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන් පැතුම් කුමාර නැමැත්තාට අත්අඩංගුවට ගත් සැකකරු නිදහස් කරන්නැයි දුරකතනය ඔස්සේ මරණ තර්ජන කරනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම දුරකතන ඇමතුම අදාළ පොලිස් නිලධාරියා විසින් පටිගත කර පසුව ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ බවයි.
ඒ අනුව නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේදීය.
03 Jan, 2021 | 09:26 AM
04 Aug, 2020 | 02:41 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS