සෞදි අරාබි කතානායක හා  විපක්ෂ නායකවරයා අතර හමුවක්

සෞදි අරාබි කතානායක හා විපක්ෂ නායකවරයා අතර හමුවක්

by Staff writer 08-09-2019 | 6:57 PM

COLOMBO (News 1st ) -  සෞදි අරාබි කතානායක ආචාර්ය අබ්දුල්ලා බීන් මොහොමඩ් බීන් ඊබ්‍රහිම් අල් අල් ෂෙයික් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් සිදුවිය.

ඒ, විජේරාමේ පිහිටි නිල නිවසේදී ය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සිය රජය සමඟ සමීපව කටයුතු කිරීම පිළිබඳව එහිදී සෞදි කතානායකවරයා සිය ස්තුතිය පළ කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා ද එක්ව සිටියේ ය.