සන්ධානයෙනුත් ජනපති අපේක්ෂකයෙක්..?

සන්ධානයෙනුත් ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම්...?

by Staff writer 08-09-2019 | 7:10 AM
COLOMBO (News 1st) : ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම දැනුවත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන වැඩසටහනේදී මාධ්‍යවේදී කසුන් සමරවිර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.