මහ බැංකුවට වින කරන තවත් යෝජනාවක්..

මුදල් නීති පනත වෙනුවට මහ බැංකුවේ බලතල අහිමිවන නව පනතක් ගෙන ඒමේ සැලසුමක්

by Staff writer 08-09-2019 | 9:07 PM

COLOMBO (News 1st ) - මහ බැංකුවේ පාලනය හා මුදල් නීතිය ක්‍රියාත්මක කිරීමට නව පනතක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, නව පනත මඟින් ආණ්ඩුව අයවැය හිඟය පියවීම සඳහා මුදල් අච්චු ගැසීම ශ්‍රී ලංකා මහ බැංකුවට තහනම් වන අතර, භාණ්ඩාගාර ලේකම්වරයා මුදල් මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇති බවයි. මේ අතර, විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබදව අදහස් පළ කළේය. https://www.youtube.com/watch?v=6cM3YgkigH0