මසක් තුළ වනාන්තර ගිනි තැබීම් 50ක්

මසක් තුළ වනාන්තර ගිනි තැබීම් 50ක්

by Staff writer 08-09-2019 | 1:27 PM
COLOMBO (News 1st) : වනාන්තර ගිනි තැබීම මේ වනවිට මෙරට වන සම්පත සුරැකීමට ප්‍රබල අභියෝගයක් වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන සංරක්ෂක ජෙනරාල් ඩබ්ලිව්. ඒ. සී. වේරගම මහතා සඳහන් කළේ, පසුගිය මාසයක පමණ කාලය තුළ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි තැබීමේ සිද්ධි 50 කට ආසනන් ප්‍රමාණයක් වාර්තා වූ බවයි. මෙම තත්ත්වය කඳුකර ප්‍රදේශවල ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ල කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. වන සංරක්ෂක ජනරාල්වරයා පැවසුවේ, මෙය කඳුකරයේ නායයාම්වලට ද හේතුවක් වන බවයි. සතුන් දඩයම් කිරීමට මෙම ප්‍රදේශවල වනාන්තර ගිනි තැබීම් වැඩි වශයෙන් සිදුවන බව ද ඔහු පැවසී ය. මේ අතර වනාන්තර ගිනි තබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සමග එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසී ය.