by Staff writer 08-09-2019 | 12:18 PM
COLOMBO (News 1st) : මිරිහාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහරක් අතරතුර අලි දෙදෙනෙකු කුලප්පුවීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ එම විහාරස්ථානයේ දළඳා පෙරහැර විදී සංචාරය කරන අතරතුර මෙය සිදුව ඇති බවයි.
තුවාලකරුවෝ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල සහ ශ්‍රී ජයවර්ධන යන රෝහල්වල ප්‍රතිකාර ලබති.
කළුබෝවිල රෝහලේ කාන්තාවන් 10 දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකු ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව තිදෙනෙකි.
ජාතික රෝහලේ කාන්තාවක ඇතුළු දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.
https://www.youtube.com/watch?v=4ymXmBGbd2Y