by Staff writer 08-09-2019 | 7:58 AM
COLOMBO (News 1st) : 2017 වසරේදී පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන ගිය සිරකරුවෙකු වසර දෙකකට පසු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර විවිධ ප්‍රදේශවල නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවෙකු බවයි.
සැකකරු 35 හැවිරිදි අළුවිහාරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද මාතලේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.