ට්‍රම්ප් තලෙයිබාන් සමග සාම සාකච්ඡා අත්හිටුවයි

ජනපති ට්‍රම්ප් තලෙයිබාන් සමග සාම සාකච්ඡා අත්හිටුවයි

by Staff writer 08-09-2019 | 7:26 AM
COLOMBO (News 1st) : තලෙයිබාන් සංවිධානය සමග සාම සාකච්ඡා පැවැත්වීම අමෙරිකාව අවලංගු කර තිබේ. තලෙයිබාන් ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු හමුවීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගියදා සඳහන් කළේ ය. එහෙත්, පසුව අදාළ හමුව අවලංගු කළ බව ජනාධිපතිවරයා පැවසී ය. ඊට හේතුවී ඇත්තේ සාම සාකච්ඡා ක්‍රියාත්මක පසුබිමකදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරදී එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළෙකු මිය යාමයි. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාම සාකච්ඡාවල අමෙරිකානු නියෝජිත සල්මේ ඛලීල්සාඩ් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිපත්තිමය සාම ගිවිසුමක් ප්‍රකාශයට පත්කර තිබිණ. එම යෝජනාවට අනූව සති 20 ක් තුළ අමෙරිකානු හමුදා සාමාජිකයින් 5400 ක් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගත යුතුයි. මේ වන විට ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු හමුදා සාමාජිකයින් ගණන 14000කි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තලෙයිබාන් සංවිධානය සමග, සාම සාකච්ඡා පැවැත්වීම අවලංගු කර ඇත්තේ සාකච්ඡා වට නවයක් පැවැත්වීමෙන් අනතුරුවයි.