අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ අවසන් දිනය

අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ අවසන් දිනය අද

by Staff writer 08-09-2019 | 7:42 AM
COLOMBO (News 1st) :  තරග 5 කින් සමන්විත එංගලන්ත - ඔස්ට්‍රේලියා අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද අවසන් දිනටත් පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 383 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 18කි. සිව්වන දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කන්ඩායම පන්දුවාර 107 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණූ 301 ක් රැස් කළේ ය. සිය ටෙස්ට් දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කළ රොරි බර්න්ස් ලකුණූ 81 ක් රැස් කළ අතර ටෙස්ට් දිවියේ 44 වන අර්ධ ශතකය වාර්තා කළ නායක ජෝ රූට් රැස් කළ ලකුණූ සංඛ්‍යාව 71කි. ජෝස් බට්ලර් ලකුණු 41 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ජොස් හෙසල්වුඩ් කඩුලු 4 ක් දවා ගත් අතර මිචෙල් ස්ටාක් සහා පැට් කමින්ස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ. අනතුරුව එංගලන්ත පළමු ඉණිමට වඩා ලකුණු 196 ක් ඉදිරියෙන් සිය දෙවැනි ඉණිම අරඹමින් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් සිය ඉණිම අත්හිටූවීමට තීරණය කලේ කඩුළු 6 ක් දැවී ලකුණු 186 ක් රැස් කරගෙන සිටියදීයී. ටෙස්ට් දිවියේ 26 වන අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 82 ක් රැස් කළ අතර මැතිව් වේඩ් ලකුණු 34 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 3 ක් දවා ගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 2 ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 383 ක ඉලක්කයක් හඹායන එංගලන්ත කණ්ඩායම ජයග්‍රහනය සඳහා කඩුලු 8 ක් අතැතිව ලකුණූ 365 ක් පිටුපසින් සිටී.