ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම අසාර්ථක වෙයි

සඳ මතුපිටට ගොඩ බැස්සවීමට ගිය වික්‍රම් යානය සහ පෘථිවිය අතර සබඳතා බිඳ වැටෙයි

by Staff writer 07-09-2019 | 8:14 AM

News 1st - ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අද අලුයම සඳ මතුපිටට ගොඩ බැස්වීමට ගිය වික්‍රම් යානය හා පෘථිවිය අතර සබඳතා බිඳ වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චන්ද්‍රයාන් 2 යානයේ පවතින වික්‍රම් නැමති යානය සහ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර තිබු සන්නිවේදන සබඳතා සඳ මත ගොඩ බෑමට තත්පර කිහිපයකට පෙර බිඳ වැටුණු බවයි. කෙසේ වෙතත් මේ වනවිට එය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට බලධාරීන් පවසති. මෙම මෙහෙයුම සජීවිව දැක බලා ගැනීමේ අරමුණින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද බැංග්ලොර්හි පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ය. මෙහෙයුම අසාර්ථකවීම පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බලාපොරොත්තු අත් නොහැරිය යුතු බවයි. ඉන්දියාව මෙම මෙහෙයුම දියත් කළේ, නාසා ආයතනය එවැනි මෙහෙයුමකට වැය කරන මුදලෙන් 20 න් එකකටත් අඩු මුදලක් වැය කරමිනි.