'මාවා' කිලෝග්‍රෑම් 40 ක් STF භාරයට

බියගමදී 'මාවා' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක් STF භාරයට

by Staff writer 07-09-2019 | 12:26 PM

COLOMBO (News 1st) - බියගම, වල්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාවා නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර කළ මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක් සිය භාරයට ගත් බවයි. සැකකරු හා අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලීසියට භාරදුන් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.