පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට බඳවා ගැනීම්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට බඳවා ගැනීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

by Staff writer 07-09-2019 | 7:56 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ කාල සීමාව මේ මස 27 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

මෙම තනතුර සඳහා 2015, 2016 සහ 2017 යන වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් අතරින් විෂයන් 03 ක් එක වරකදී සමත් ශිෂ්‍යාවන්ගෙන් අයැදුම්පත් කැඳවීමට නියමිතයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වූ www.health.gov.lk ඔස්සේ Online ක්‍රමයට අයැදුම් කළ යුතු වේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මෙම වසර සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි තනතුරට අභ්‍යාසලාභීන් 850 ක් පමණ බඳවා ගැනීමට නියමිත බවයි.