සෞදි නිවසක සිරවී සිටි කාන්තාවක් මුදා ගනී

නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු සෞදියේ නිවසක වසර 12ක් සිරවී සිටි කාන්තාවක් දිවයිනට

by Staff writer 07-09-2019 | 6:50 AM

COLOMBO (News 1st) - වසර 12 කට ආසන්න කාලයක් සෞදියේ නිවසක සිරවී සිටියදී මුදාගනු ලැබු ශ්‍රී ලාංකික කාන්තාවක් දිවයිනට පැමිණ තිබේ.

එසේ දිවයිනට පැමිණියේ මාතර, වැල්ලතොට පදිංචි පද්මසීලි විතානගේ නැමැති 59 හැවිරිදි කාන්තාවකි. ඇය සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2006 වසරේදීය. එතැන් සිට වසර 12 කට ආසන්න කාලයක් ඇයව නිවසක සිරකර සෞදි හාම්පුතුන් බලහත්කාරයෙන් ඇයගෙන් සේවාව ලබාගෙන තිබුණි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව මුදා ගැණුනේ නිව්ස්ෆස්ට් හරහා කළ අනාවරණයත් සමගයි. නීතිමය කටයුතු අවසන්ව වසරකට අධික කාලයක් සෞදියේ සුරක්ෂා නිවසක රැඳී සිටි ඇය ඊයේ දිවයිනට පැමිණියා ය. දිවයිනට පැමිණීමෙන් පසු පද්මසීලි විතානගේ මහත්මිය නිව්ස්ෆස්ට් වෙත පැවසූවේ, යළිත් විදෙස් ගතවීමට අපේක්ෂාවක් නොමැති බවයි. [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/09/09-07-PADMASEELI-01.wav"][/audio] [audio wav="https://cdn.newsfirst.lk/sinhala-uploads/2019/09/09-07-PADMASEELI-02.wav"][/audio]