කැලණියට සහ ගම්පහට පැය 18 ක ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 07-09-2019 | 12:23 PM

COLOMBO (News 1st) - ලබන අඟහරුවාදා (සැප්තැම්බර් 10 වන දා) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙක අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි. වත්තල, මාබෝල, ජාඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මහර සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.