එජාප පළාත් පාලන නියෝජිත සමුළුවේදී විශේෂ තීරණයක්

Update: සජිත් ජනපති අපේක්ෂකයා කිරීමට පළාත් පාලන නියෝජිතයින්ගේ ඒකමතික අනුමැතිය

by Staff writer 07-09-2019 | 7:22 AM

COLOMBO ( News 1st ) - නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිත සමුළුවේදී මීට ටික වේලාවකට පෙර ඒකමතිකව සම්මත කෙරිණි.

එම යෝජනාව මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න මහතා විසින් යෝජනා කළ අතර සේරුවාවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ ජේ රණසිංහ මහතා විසින් සම්මත කරනු ලැබුවේය.

-----------------------------------------------------------------------------------

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් අද කොළඹට කැඳවීමට නියමිත වේ.

අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ සම්මේලනයක් සඳහා ඔවුන් අද කොළඹට කැඳවන බවයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සම්මේලනය පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. https://www.youtube.com/watch?v=wGeUvE7WCwE   https://www.facebook.com/NewsfirstSL/videos/453246185524927/