ඇල්පිටියේ ඡන්දයට ප්‍රධාන දේශපාලන පක්ෂ 5 ක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට ප්‍රධාන දේ්ශපාලන පක්ෂ 5ක්

by Staff writer 07-09-2019 | 12:20 PM

COLOMBO (News 1st) - ප්‍රධාන දේශපාලන පක්ෂ 5 ක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නානක මහතා පැවසුවේ, ලබන මස 11 වැනි දා ඡන්ද මධ්‍යස්ථාන 47 කදී මැතිවරණය පැවැත්වෙන බවයි. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 වන දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.