
නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු සෞදියේ නිවසක වසර 12ක් සිරවී සිටි කාන්තාවක් දිවයිනට
නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු සෞදියේ නිවසක වසර 12ක් සිරවී සිටි කාන්තාවක් දිවයිනට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වසර 12 කට ආසන්න කාලයක් සෞදියේ නිවසක සිරවී සිටියදී මුදාගනු ලැබු ශ්‍රී ලාංකික කාන්තාවක් දිවයිනට පැමිණ තිබේ.
එසේ දිවයිනට පැමිණියේ මාතර, වැල්ලතොට පදිංචි පද්මසීලි විතානගේ නැමැති 59 හැවිරිදි කාන්තාවකි.
ඇය සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2006 වසරේදීය.
එතැන් සිට වසර 12 කට ආසන්න කාලයක් ඇයව නිවසක සිරකර සෞදි හාම්පුතුන් බලහත්කාරයෙන් ඇයගෙන් සේවාව ලබාගෙන තිබුණි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ඇයව මුදා ගැණුනේ නිව්ස්ෆස්ට් හරහා කළ අනාවරණයත් සමගයි.
නීතිමය කටයුතු අවසන්ව වසරකට අධික කාලයක් සෞදියේ සුරක්ෂා නිවසක රැඳී සිටි ඇය ඊයේ දිවයිනට පැමිණියා ය.
දිවයිනට පැමිණීමෙන් පසු පද්මසීලි විතානගේ මහත්මිය නිව්ස්ෆස්ට් වෙත පැවසූවේ, යළිත් විදෙස් ගතවීමට අපේක්ෂාවක් නොමැති බවයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි