by Staff writer 06-09-2019 | 6:46 PM
COLOMBO (News 1st )- ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් අප්‍රිකාවේ ඝානා රාජ්‍යය ඔස්සේ යුරෝපයට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ගුවන්තොටුපොළට පැමිණ ඇත්තේ, ඩුබායි බලා පිටත්ව යාමටයි.
ගුවන්තොටුපොළ විගමන කවුළුවට ඔහුගේ ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී ඔහු සතුව සැක සහිත ඝානා
රාජ්‍යයේ වීසා බලපත්‍රයක් දුටු නිලධාරීන් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබේ.
එහිදී සිදු කළ රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ එය ව්‍යාජ වීසා බලපත්‍රයක් බවයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.