විපක්ෂ නායක කාර්යාලයේ පැවති හදිසි හමුව 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක්

by Staff writer 06-09-2019 | 10:32 PM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම මේ හදිසි සාකච්ඡාව පැවැත්වුණේ අදියර දෙකකිනි. පළමු අදියර සදහා, නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන මහත්වරුන් ඊට සහභාගී වූ අතර පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය ජී.එල්.පීරිස්, බැසිල් රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් වී සිටියහ. පසුව තවත් සාකච්ඡා වටයක් ආරම්භ වූයේ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙනි.