මන්ත්‍රීවරු නොමැතිකමින් පාර්ලිමේන්තුව කල් තැබේ

මන්ත්‍රීවරු නොමැතිකමින් පාර්ලිමේන්තුව කල් තැබේ

by Staff writer 06-09-2019 | 12:36 PM
COLOMBO (News 1st) - අද පාර්මේන්තුවේ කටයුතු විනාඩි 45කට පමණ සීමා විය. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පාර්ලිමේන්තුව ආරම්භයේදීම ආණ්ඩු පක්ෂය යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බව ය. අදාළ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධ විය. අනතුරුව ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ඉල්ලා අස්කර ගත්තේ ය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් අද පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින බැවින් මෙවැනි තත්ත්වයක් තුළ ඡන්දයක් දිනා ගැනීමට නොහැකි නිසා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ඉල්ලා අස්කර ගත් බවට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළහ. මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අඩුවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ලබන 17 වන දා දක්වා කල් තැබීමට සිදු විය.