ලසිත් මාලිංගගෙන් ලෝක වාර්තාවක්

පිට පිට කඩුලු 4ක් දවාගත් ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවයි 

by Staff writer 06-09-2019 | 10:09 PM

COLOMBO (News 1st) - නවසීලන්තය සමග දැන් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගයේ දී මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ, පන්දු හතරක් තුළ පිට පිට කඩුලු 4ක් දවා ගනිමිනි. ලසිත් මාලිංග 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ද දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයකදී පන්දු හතරකදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් මෙවැනිම ආකාරයේ වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, අනුව එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගයකදී පිට පිට පන්දු හතරකදී කඩුලු 4ක් දවා ගත් ලොව එකම පන්දු යවන්නා බවට ලසිත් මාලිංග අද පත්විය. ඒ, වගේම එක්දින, ටෙස්ට් සහ පන්දුවාර විස්සයි විස්ස තරග අංශ සියල්ලන්ගෙන්ම කඩුලු 100ට වඩා ලබාගත් ලොව එකම පන්දු යවන්නා බවට ද ලසිත් මාලිංග අද පත් විය.