ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-09-2019 | 6:35 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. 2. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත සැකකරුවන්, ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයින්, තහනම් සංවිධානවල සාමාජිකයින් ඇතුළු 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 3. පුත්තලම, විල්පත්තුව වන රක්ෂිතය තුළ මරා දමා සිටි හඳුන් දිවියන් තිදෙනෙකුගේ සිරුරු වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබ තිබේ. 4. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ අධිචෝදනා භාර දුන්නේ ය. 5. ඉරානය සමග නව භාණ්ඩ හුවමාරු ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර තිබේ. විදෙස් පුවත් 6. නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදෙස් රටවල බැංකු ගිණුම් පවතින බවත්, එවැනි අවස්ථා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිලවා කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබේ.