by Staff writer 06-09-2019 | 10:47 PM
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණියේය.
සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිසමට පැමිණියේ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුළියට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව සාක්ෂි ලබා දීම සඳහාය.
පැය 5ක පමණ කාලයක් ලේකම්වරයා සාක්ෂි ලබා දී ඇත.
ඔහු ප්‍රකාශ කර තිබුණේ, අදාළ ගොඩනැල්ලෙහි නීත්‍යානුකූල සැලැස්ම, අනුකූලතා සහතිකය හෝ එම
ඉඩම සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පැවතීම සම්බන්ධයෙන් කරුණු තමන් නොදන්නා බවයි.
අදාළ බදු ගිවිසුම් නීතිපතිවරයා වෙත යොමු කළේ නම්, ඒ සියළු තොරතුරු අනාවරණය වන බව
ලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වූ කරුණු අනුව මෙම ගිවිසුම අත්සන් කිරීම සදහා රුපියල් බිලියන 1යි ලක්ෂ 330 ක පමණ මුදලක් වැය වී තිබේ.
ගොඩනැගිල්ලට භාණ්ඩ මිළදීගැනීමට වැය වී ඇති මුදල රුපියල් මිලියන 466ක්ය.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාද කොමිසම හමුවේ පවසා ඇත්තේ, මෙලෙස වියදම් කළ මුදලින් ගොඩනැගිල්ල මිළදී ගැනීමට වුවත් හැකියාවක් පැවති බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා සුහුරුපායේ ගොඩනැගිලි කොටසක් කුළියට ලබා ගැනීමට මුල් අවස්ථාවේදී අගමැතිවරයා යෝජනා කළත් පසුව ඔහු දුමින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇත්තේ රාජගිරියේ ගොඩනැගිල්ල ලබා ගන්නා ලෙසයි.
ඒ බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේද සඳහන්ව තිබේ.
මේ පිළිබදව පැහැදිලි කරමින් සභාපති විනිසුරුවරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විමසා ඇත්තේ, සිද්ධියට අගමැතිවරයා වගකිව යුතුද යන්නයි.
ඒ බව අගමැතිවරයාගෙන් විමසිය යුතුයැයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම පැමිණිල්ල ලබන 10 වනදා යළි විභාගයට ගැනීමට නියමිත අතර එදින හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ද නියමිතයි.