ඇවන්ගාඩ් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ඇවන්ට්ගාඩ් නෞකා අවි ගබඩාවේ සැකකරුවන්ට අධිචෝදනා

by Staff writer 06-09-2019 | 6:52 PM

COLOMBO (News 1st ) - ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සැකකරුවන් 4 දෙනෙකු ලබන 20 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ, රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා එගොඩවෙල සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක යන මහත්වරුන් ය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, මේ සම්බන්ධ නඩුවක් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් විභාග කිරීම සඳහා සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බවයි.