COLOMBO ( News 1st ) - ජනමාධ්‍ය යනු, රටක සිව්වන ආණ්ඩුවයි. ජනමාධ්‍යයේ භූමිකාව ගුරුවරයකුගේ භූමිකාවට සමාන යැයි සමාජයේ කියමනක් පවතින අතර එහි අදහස වන්නේ ජනමාධ්‍ය යනු සැබවින්ම සමාජය තුළ
ආදර්ශවත් චරිතාප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.
ගම්මැද්ද ජනතා මණ්ඩපය නම් දැවැන්ත ක්‍රියාන්විතය හරහා පිළිසරණක් නොමැති ජනතාවට පිළිසරණක් ලබා දීමට මාධ්‍ය ආයතනයක් වශයෙන් මැදිහත් වීමට නිව්ස්ෆස්ට් ගත් අනුපමේය උත්සාහයේ ප්‍රතිඵල අද දිස්වනු ඇති.
ගංඟා 106 ක් මුහුදට ගලා බසින ලංකාව තුළ ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ පානීය ජල හිඟකමයි. මෙම ගැටලුවට යම් පිළිසරණක් වෙමින් පානීය ජල අවශ්‍යතා ඇති මිනිසුන්ට පානීය ජල ගැටලුව විසඳීමට ගම්මැද්ද ක්‍රියාන්විතය මහා පිටුවහලක් වී තිබේ. පිළිසරණක් නොමැති ජනතාවට පිළිසරණක් ලබා දෙන ගම්මැද්ද නම් මහා වෘක්ෂයේ එක් අතු රිකිල්ලක් වන්නේ Gammadda V- force ක්‍රියාන්විතයයි. ස්වෙච්ඡා බලකායක් වන Gammadda V-force වටා රටේ අනාගතයට උරදෙන තරුණ ප්‍රජාව එක් වන්නේ ද මේ මහා සංවර්ධන ක්‍රියාවලියට රුකුලක් දෙමිනි.

Gammadda V-force හි එක් අදියරක් ඉකුත් දා නිමාවට පත් වූ අතර ඒ, ගින්නෙන් දැවුණූ ඇල්ල රක්ෂිතය නැවත හරිත පැහැ ගැන්වීමේ ක්‍රියාන්විතයයි. පරිසරය යනු මිනිසා වටා ඇති සැබෑම ආරක්ෂකයාය. මිනිසා විසින් එය ආරක්ෂා කර ගන්නේ නම්, පරිසරය පෙරළාම මිනිසා ආරක්ෂා කරනු ඇති. එවන් කර්තව්‍යයකට මුල්ව කටයුතු කළ Gammadda V-force වටා එක් වූයේ නිදහසේ හුස්ම ගැනීමට ඉඩදෙන, සොබාදම් මාතාවට යුතුකම් ඉටු කිරීමට කැමති තරුණ පිරිසකි.
එලෙස දැවැන්ත තරුණ පිරිසක් V-force වටා එක් වූයේ ස්වභාවදහමේ විශිෂ්ටතම නිර්මාණය වූ මිනිසා තවමත් යුතුකම් වගකීම් වලින් සන්නද්ධ බව ලෝකයාට තහවුරු කරමිනි. V-force කණ්ඩායමට අවශ්‍ය වන්නේ හුදෙක්ම මානව සම්පතම පමණයි. මානව සම්පතින් සන්නද්ධ නම් ඇල්ල රොක් වෙනුවෙන් පමණක් නොව ලංකාවේ විනාශ වී යන සමස්ත වන සම්පත නැවත නිර්මාණය කරලීමට හැකිය.
ඇල්ල වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට V-force හා අත්වැල් බැඳගත් තරුණ තරුණියන් අතර මතක් කළ යුතුම පිරිසක් සිටී. කොහේ කොතැන ශ්‍රී ලංකා මාතාවට නපුරක් වන්නේ නම්, සියල්ලටම පෙර නැගී සිටින්නේ ඔවුන්ය. ඒ ඇල්ල හරිත රැල්ල නිර්මාණයට V-force හා එක් වූ රණවිරුවන්ය. මේ සත්කාර්යට සහභාගි වූ ඇල්ල ප්‍රදේශයේ ජනතාවත් අනිවාර්යෙන්ම මතක් කළ යුතු තවත් පිරිසකි.

ඇල්ල රක්ෂිතය නැවත හරිත පැහැ ගැන්වීමේ ක්‍රියාවලියට පැළ 1000ක් සිටුවීම සුළුපටු කාර්යක් නොවේ. විශේෂයෙන්ම ගිනිගත් රක්ෂිතයක මෙවන් කටයුත්තක් සිදු කිරීම ඉතා දුෂ්කර ක්‍රියාවලියකි. ප්‍රදේශවාසීන්ගේ හා යුධ හමුදා සාමාජිකයින්ගේ මෙන්ම V-force හි ස්වෙච්ඡා තරුණ බලකාය මේ වෙනුවෙන් දැරූ මෙහෙය අගය කළ යුතුයි.
සියල්ලන්ගේම උපකාර ඇතිව V-force අපේ කණ්ඩායම විසින් ඇල්ල හරිත රැල්ල නිර්මාණය කරනු ලැබිණි. එන එන රැල්ලට නතුවන ලාංකික තරුණ ප්‍රජාව මේ හරිත රැල්ලට නතු වන්නේ නම්, අනාගත ලංකාව ඉන්න හිතෙන රටක් වනු නොඅනුමානයි. මන්ද සැප පහසුකම් පිරුණු කොන්ක්‍රීට් නගරයන්හි ජීවත් වුවත් මිනිසාගේ යටි සිත ඉල්ලන්නේ ගල් පරයකින් කඩා වැටෙන දිය ඇල්ලකින්
නෑමටත්, මහා වනයක නිසල පරිසරයක ඇවිද යාමටත්, දුටු දුටු දෑ සේයාගත කරමින් දිනෙක නිදහසේ මතක පොත ආවර්ජනා කිරීමටත්ය. එවන් රටකට එවන් අනාගතයනට අප පෙළගැසිය යුතුයි.

ධරණීය පෙණහැල්ල ඇමසන් ද මේ වනවිට ගින්නෙන් දැවී අළු වී තිබේ. ඇල්ල රක්ෂිතයට මෙන්ම ඇමසන් වන කොමළියට ද මෙවන් ඛේදජනක ඉරණමක් අත්කර දුන්නේ මිනිසා විසින්මයි. මිනිසා යනු , විශ්වය නැමති දැලෙහි එක් නූල් පටක් පමණි. ඒ දැලට යම් හානියක් කරතොත් එය ආපිට කැරකී එන්නේම මිනිසා වෙතටයි. මේ සිදුවෙමින් පවතින්නේ ද එයයි. මිනිස් ක්‍රියා නිසා පළුදු වූ ඕසොන් ස්තරය ක්‍රමයෙන් සුවය ලබද්දී ඇතැම් ග්ලැසියර් සදහටම අවසන් හුස්ම හෙලන්නේ දෛනිකව විනාශ වන සම්පතේ බලපෑම නිසාය.
මේ පරිසරයට පණ මෙන් ආදරය කරන මිනිසුන් නැවත බිහි කළ යුතු කාලයයි. සියැටල් වැනි මිනිසුන් නැවත ධරණී තලයේ උපත ලැබිය යුතු කාලයයි. එවන් යුගයක ගින්නෙන් දැවුණූ ඇමේසන් මෙන්ම ලංකාවේ ඇල්ල රොක් වෙනුවෙන් එක් පැළයක් හෝ සිටුවීමට හැකි නම් එය සොබාදම් මාතාවට කරන අනුපමේය කෘතගුණ සැළකීමකි.
'Pray For Ella' ලෙස සමාජ ජාලා මාධ්‍යයන්හි අදහස් පල කළ පමණින් ඇල්ල රක්ෂිතයට වූ ව්‍යසනය මකා දැමිය නොහැකිය. සොබාදහමේ නියම වටිනාකම දැනිය යුත්තේ, තිබිය යුත්තේ මොළය හා හදවතේ මිසක සමාජ මාධ්‍යයන්හි නොවේ. ඇල්ල වෙනුවෙන් Gammadda V-force කළ මෙහෙවර දිනෙක දළු ලා වැඩේවි. මහා රූස්ස ගස් උජාරුවෙන් අහස් කුස සිප ගනිද්දී අපිටත් නිහතමානී ආඩම්බරයක් දැනේවී. ඒ, එයට අප ද කොටස්කරුවන් වූ නිසාවෙනි.

ඇල්ල රොක් නියෝජනය වන සොබාදම් මාතාවට යුතුකමක් ඉටු කරන්න ඔබට පුළුවන් නම් එය දිනක ඔබට ආශිර්වාදයක් වේවි. ජීවිතය රදා පවතින්නේ නිදහසේ හුස්ම ගැනීමට අවකාශය හිමි වන තැනක මිස, ධනය බලය උතුරා යන තැනක නොවේ. සියැටල් කියූ පරිදිම සියලුම වෘක්ෂ ලතා කපා දැමූ පසු, සියලුම ගංඟා සිදී ගිය පසු, අවසාන මාළුවත් අල්ලා ගත් පසු මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. වෙනස් විය යුතු කාලය දැන් එළැඹී ඇත. ඇමේසන්, ඇල්ල වෙනුවෙන් පමණක්ම නොවේ, සමස්ත සොබාදම් මාතාවට ආදරය කරන්න, එවිට ආපිට පෙරළා ඇය නුඹට ආදරයම ලබා දේවි.