බස් රථයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ඇල්පිටිය අටකෝට්ටේදී බස් රථයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 06-09-2019 | 10:01 AM
COLOMBO (News 1st) - ඇල්පිටිය, අටකෝට්ටේ බෝගහවංගුව අසළදී බස් රථයක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, ඌරගස්මංහන්දිය වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඉඩම් නඩුවක් සඳහා පෙනී සිටීමට බස් රථයෙන් යමින් සිටියදී ඊට ගොඩ වූ පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදු කර ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකිනි. මිය ගිය පුද්ගලයාගේ සිරුර ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පළා ගිය සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක ය.