පාන් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළට

by Staff writer 06-09-2019 | 4:54 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 2.00 කින් ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවේ, තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් මේ තීරණය ගත් බවයි. තිරිඟු පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති බව අද පෙරවරුවේ වාර්තා විය. මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙන් අප විමසීමක් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ, අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ දමා ඇති බවයි. ඒ අනුව මිල ඉහළ නැංවු සමාගම්වලට එරෙහිව නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේ ය.