අග්‍රාමාත්‍ය ලේකම්වරයා අද ජනපති කොමිසම හමුවට

අග්‍රාමාත්‍ය ලේකම්වරයා අද ජනපති කොමිසම හමුවට

by Staff writer 06-09-2019 | 7:42 AM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ කරුණු විමසීම සඳහා ය. ඔහු මීට පෙර කොමිසමේ පොලිස් ඒකකය හමුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේ ය. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ නගරාධිපති මධුර විතානගේ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. එහිදී ඔහු කියා සිටියේ, නඩුවක් පවතින ඉඩමක අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවසර ලබා ගත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය. මෙය කිසියම් වක්‍ර මාර්ගයකින් ලබා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙම පරීක්ෂණයේදි සොයා බලන බව ද නගරාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ ය.