අකුරැස්සේදී පොලිස් නිලධාරීන් 2කුට වෙඩි ප්‍රහාරයක්

අකුරැස්සේ වෙඩි තැබීමක්: පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

by Staff writer 06-09-2019 | 6:43 AM
COLOMBO (News 1st) - අකුරැස්ස, පානදුගම ඩඩ්ලි සේනානායක මාවත ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් පසුපස හඹා යාමේදී ඔවුන්ට එලෙස වෙඩි තබා ඇති බව ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සාජන්වරයා සහ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.