සජින් ද වාස්ට අධිචෝදනා

සජින් ද වාස්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

by Staff writer 05-09-2019 | 11:59 AM
COLOMBO (News 1st) : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නේ ය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ 2010 - 2015 අතර කාලය තුළ රුපියල් කෝටි 32 කට අධික මුදලක් උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණය යටතේ ගැනෙන වැරදි කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. විත්තිකරු රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ ය. සජින් ද වාස් ගුණවර්ධන මහතාට විදේශගත වීම වළක්වමින් විනිසුරුවරයා නියෝග කළේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසයි. නඩුව, ඔක්තෝබර් පළමු වැනිදාට කල් තැබිණ.