ඉන්දීය ජාතිකයින් 44ක් කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ සේවය කළ ඉන්දීය ජාතිකයින් 44ක් අත්අඩංගුවට

by Staff writer 05-09-2019 | 4:12 PM

COLOMBO (News 1st ) - ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමක සිටියදී අද උදෑසන කළ වැටලීමකින් සංචාරක වීසා මත මෙරටට පැමිණ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක විමර්ශන එම්.ජී.වී. කාරියවසම් මහතා සඳහන් කළේ ඔවුන්ගේ වීසා කාලය මාස දෙකක් ඉක්මවා ගොස් තිබූ බව ය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් 25 - 50 අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයින් ය. එහිදී විදෙස් ගමන් බලපත්‍ර 18ක් ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන තිබේ. ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය රැගෙන ගිය බව කාරියවසම් මහතා සදහන් කළේ ය.