by Staff writer 05-09-2019 | 8:59 PM
COLOMBO (News 1st ) - පුත්තලම, විල්පත්තුව වන රක්ෂිතය තුළ මරාදමා සිටි හඳුන් දිවියන් තිදෙනෙකුගේ සිරුරු වන ජීවී නිලධාරීන් විසින් ඊයේ සොයාගනු ලැබ තිබේ.
එම සිරුරු සොයාගෙන ඇත්තේ විල්පත්තුව හා වනාතවිල්ලුව වන ජීවී කාර්යාලවලට ලැබුණු තොරතුරක් මතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය විසින් පරණ එළුවන්කුලම ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු පුත්තලම උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප නියම කෙරුණු අතර නඩුව මේ මස 10 වැනිදා යළි කැඳවීමට නියමිත ය.