'කුඩු රොෂාන්' ඇතුළු 7ක් අත්අඩංගුවට

ආනමාලු රංගාගේ ඝාතනය සම්බන්ධයෙන් 'කුඩු රොෂාන්' ඇතුළු 7ක් අත්අඩංගුවට

by Staff writer 05-09-2019 | 5:16 PM

COLOMBO ( News 1st ) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ආනමාලු රංගා' නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් 'කුඩු රොෂාන්' ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අද අලුයම යක්කලදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එලෙස අත්අඩංගුවට පත් වූවන් වන්නේ මාදම්පේ කංකානමලාගේ දොන් ශාමල් චින්තක , තුප්පයි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් , තුප්පයි ආරච්චිලාගේ රන්දෙව් , තුෂාර මධුරංග පෙරේරා,  දිනේෂ් රංග , සුරනිමල රොෂාන් ඩයස්, මොහොමඩ් ආරිත් මොහොමඩ් හුසේන් යන අයයි. අත්අඩංගුවට පත් වූවන් අතර සිටි රුවන් නොහොත් කුඩු රොෂාන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් ද සොයාගෙන තිබේ. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.