අප්‍රේල් 21 ප්‍රහාරය: 293 දෙනෙකු අත්අඩංගුවට

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලබා, බොරු තොරතුරු සපයා රෝහල්ගතව සිටි 7 දෙනෙකු සොයා විමර්ශන

by Staff writer 05-09-2019 | 9:54 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්ත සැකකරුවන්, ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයින්, තහනම් සංවිධානවල සාමාජිකයින් ඇතුළු 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මේ අතර බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල්ගත කළ 7 දෙනෙකු ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරු බව මේ වන විට හෙළි වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මේ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් සොයා විමර්ශන සිදු කරන බව ය.