ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

05 Sep, 2019 | 6:26 am

දේශීය පුවත්…

1. පුජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශය ගැන නීතිපතිගේ දැඩි විවේචන : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයක් ඉවත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉල්ලා සිටියේ ය.

2. සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් : අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂිම් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නමැත්තිය අධිකරණය හමුවේ පැය 2ක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබාදුන්නා ය.

3.මාස 8ක් තුළ අල්ලස් හෝ දූෂණ පැමිණිලි 2,096ක් : වසරේ ගත වූ මාස 8 කාලය තුළ අල්ලස් හෝ දූෂණ සිද්ධින් සම්බන්ධයෙන්, පැමිණිලි 2,096 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

4. ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ගවලට අදාළ ලිපි යොමු කර තිබේ.

5. රජයේ වෘත්තිය සමිති 17 ක සමාජිකයින් ලෙඩ වෙති : වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

විදෙස් පුවත්….

1.හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනිය ආන්දෝලනාත්මක උදර්පන කෙටුම්පත ඉවත් කර ගනී : හොංකොං ප්‍රධාන විධායක නිලධාරී කැරී ලැම්, ආන්දෝලනාත්මක උදර්පන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව නිවේදනය කළේ ය.

ක්‍රීඩා පුවත්….

1.ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට : ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]