සහරාන්ගේ බිරිඳගෙන් අද ත් අධිකරණයට රහස් ප්‍රකාශයක්

සහරාන්ගේ බිරිඳගෙන් අද ත් අධිකරණයට රහස් ප්‍රකාශයක්

by Staff writer 04-09-2019 | 6:06 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂිම් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් නමැත්තිය අදත් අධිකරණය හමුවේ පැය 2ක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබාදුන්නා ය. ඇය මෙම ප්‍රකාශය ලබා දුන්නේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේයි. මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන සිටින එම සැකකාරිය මීට පෙර අවස්ථා දෙකකදී මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශ ලබාදී තිබිණ.