ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 5 කට විනය ක්‍රියාමාර්ග

ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග

by Staff writer 04-09-2019 | 2:29 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ගවලට අදාළ ලිපි යොමු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඔහු සඳහන් කළේ, වෙනත් පක්ෂයක් සමග කටයුතු කිරීම පිළිබඳ එමගින් කරුණු විමසා ඇති බවයි.