රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

by Staff writer 04-09-2019 | 2:47 PM
COLOMBO (News 1st) : ඇල්පිටිය, පිටිගල මොටකන්දවත්ත ප්‍රදේශයේ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවකි. පොලීසිය පැවසුවේ, පෝද්දිවල සිට පැමිණි යතුරු පැදිය මාර්ගයේ ලිස්සා ගොස් ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථවේ යතුරු පැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර පසු පැදිකරුවන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, බුත්තල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම බුත්තල වැල්ලවාය මාර්ගයේ උනාවටුන ප්‍රදේශයේදී බුත්තල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී ඇති බවයි. අනතුරුව යතුරු පැදිය විසිවී ගොස් තවත් ටිපර් රථයකට යටවීමෙන් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය පැවසී ය. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.