ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-09-2019 | 6:24 AM

දේශීය පුවත්

1. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්වරුන්ටත් කූඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනු හදලා ඉවරයි – ජනපති: ආණ්ඩුව අපකීර්තියට පත් කළ මහ බැංකු කොල්ලයේ වගඋත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් වහා ඉවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. මහජන බැංකුව පෞද්ගලීකරණය කරන බවට වන ප්‍රකාශ පදනම් විරහිතයි – මුදල් අමාත්‍යාංශය: මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක් කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත බව මුදල් අමාත්‍යාංශය පවසයි. 3. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්දය ඔක්තෝබර් 11 වැනි දා: ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන මස 11 වැනි දා පැවැත්වීමට නියමිත බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ. 4. ජනපති කොමිසමෙන් අධ්‍යාපන ඇමතිට නොතීසි: අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතිසී නිකුත් කර තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දියාව සමග යුද්ධයකට නොයන බව පකිස්ථාන අගමැති කියයි: තම රට කෙදිනකවත් ඉන්දියාව සමග යුද්ධයකට මුලපුරන්නේ නැතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.