කුරුඳු අපනයනයෙන් සිව් වන ස්ථානය ශ්‍රී ලංකාවට

කුරුඳු අපනයනයෙන් සිව් වන ස්ථානය ශ්‍රී ලංකාවට

by Staff writer 04-09-2019 | 11:54 AM

COLOMBO (News 1st) - ලොව පුරා කුරුඳු අපනයන ක්ෂේත්‍රයේ සිව් වැනි ස්ථානය ශ්‍රී ලංකාව හිමි කරගෙන සිටින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කුරුඳු සදහා ලෝකයේ රටවල් ගණනාවකින් පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු නිෂ්පාදනය සඳහා ගොවීන් තවදුරටත් දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.