රජයේ වෘත්තිය සමිති 17 ක සමාජිකයින් අද ලෙඩ වෙති

රජයේ වෘත්තිය සමිති 17 ක සමාජිකයින් අද ලෙඩ වෙති

රජයේ වෘත්තිය සමිති 17 ක සමාජිකයින් අද ලෙඩ වෙති

කර්තෘ Staff writer

04 Sep, 2019 | 8:18 am

COLOMBO (News 1st) – වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි ලේකම් එච්. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේ, වෘත්තිය සමිති 17 ක සමාජිකයින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

මේ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය, ආයුර්වේද, සැලසුම් කළමනාකරණය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, දේශීය ආදායම්, කෘෂිකර්ම සේවයේ කටයුතු, විද්‍යාත්මක සේවාවන්, ඉන්ජිනේරු සේවාවන් ඇතුළු සේවා රැසක කටයුතුවලට බලපෑම් එල්ල වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී
ඔහු පැවසුවේ, ගැටලු පිළිබඳ කිසිදු වෘත්තිය සමිතියක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.

ඕනෑම මොහොතක සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදීමට සුදානම් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර අතිරේකදීමනා ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සංවර්ධන නිලධාරීන් එක්දින වැඩවර්ජනයක නිරත වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

එහි සභාපති චන්දන සුරියආරච්චි මහතා ප්‍රකාශ කළේ, අවස්ථා ගණනාවකදී සිය ඉල්ලීම් පිළිබඳ කරුණු වාර්තා කළ ද මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් අප විමසීමක් කළෙමු.

එහි ස්වදේශ කටයුතු අතිරේක ලේකම් ඒ. පී. බී. වන්නිනායක මහතා ප්‍රකාශ කළේ, අදාළ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා දින වැටුප් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

ඒ, අනුව අනියුක්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා දින 3 වැටුප් ලබා දීමටත් වැඩබලන ප්‍රදේශවල ව්‍යාපෘති සඳහා දින දෙකක වැටුප් ලබාදීමටත් මේ වන විට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව ඔහු පැවසුවේ ය.

අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, ඒ පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

සෙසු ඉල්ලීම් සඳහා විසඳුම් කඩිනමින් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]