by Staff writer 03-09-2019 | 5:49 PM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රුපියල් 500 එම දීමනාව රුපියල් 750 දක්වා වැඩි කරනු ඇති.
ආධාර මුදල ඉහළ නැංවීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.
දැනට වාර්ෂිකව ශිෂ්‍යාධාර ලබන සිසුන් සංඛ්‍යාව 130,000 ක් පමණ වේ.