ශ්‍රී ලනිප සංවත්සර සමුළුවට සියල්ල සූදානම්

ශ්‍රීලනිප සංවත්සර සමුළුවට සියල්ල සූදානම්

by Staff writer 03-09-2019 | 6:48 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සමුළුව අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ වන්නේ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ 68 වන සංවත්සරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වේ. මේ වන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.