වැලිකඩ ජේලර්වරයා ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

වැලිකඩ ජේලර්වරයා ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 03-09-2019 | 11:10 AM
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ, කුලීගොඩදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සීසීටීවී කැමරා දර්ශන, හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශනය කර කුලීගොඩ, ගලගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහුගෙන් ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සිදුකිරීම සඳහා යොදාගන්නා ලද ටී 56 ගිනි අවියක්, උණ්ඩ 12 ක් සහිත මැගසිනයක් හා යතුරු පැදියද පොලීසිය භාරයට ගෙන තිබේ. එසේම අදාළ සැකකරු සන්තකයේ තිබී අත්අඩගුවට ගත් ගිනි අවිය පරිහරණය කළ බව කියන අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය මස 03 වන දා සවස 6 ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්, තිලිණ රුවන් මහතා ඝාතනය කර තිබිණ.