මාතලේ ලොකු ළූණු අස්වැන්නට ඉහළ මිලක්

මාතලේ ලොකු ළූණු අස්වැන්නට ඉහළ මිලක්

by Staff writer 03-09-2019 | 12:18 PM
COLOMBO (News 1st) : මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාකරුවන්ගේ අස්වනු සඳහා මෙවර ඉහළ මිලක් හිමිවී තිබේ. මාතලේ දිස්ත්‍රික්කය තුළ පමණක් මෙවර ලොකු ළූණු වඟාකර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 800කි. ගොවීන් ප්‍රකාශ කළේ, 2014 වර්ෂයේ හෙක්ටයාර් 2800ක් වඟා කළ අතර පසුගිය කාලයේ ලොකු ළූණු සඳහා ඉහළ මිලක් නොතිබීම නිසා ගොවීන් එම වගාවෙන් ඉවත්ව සිටි බවයි. වසර කිහිපයකට පසුව තම අස්වනු සඳහා ඉහළ මිලක් ලැබීම හේතුවෙන් තමන්ට ඉදිරියේදී ලොකු ළූණු වගාව සඳහා යොමුවිය හැකි බව ද ඔවුහු පවසති. කෙසේ වෙතත් ගොවීන්ගේ ඉල්ලීම වන්නේ ලොකු ළූණු සඳහා ඉහළ තත්තවයේ බීජ,පොහොර සහනාධාර සහ වඟාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ගොවීන්ට ලබාදීමෙන් තත්ත්වයෙන් උසස් ලොකු ළූණු අස්වැන්නක් ලබාගත හැකි බවයි.