ගල්කිස්සේ පුද්ගල ඝාතනයක්

ගල්කිස්සේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 03-09-2019 | 11:27 AM
COLOMBO (News 1st) : ගල්කිස්ස, සිල්වෙස්ටර් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන්, මෙම පහර දීම සිදුව ඇති බවයි. පහරදීම්වලින් තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු එක්අයෙකු මියගොස් ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. මියගොස් ඇත්තේ, 34 හැවිරිදි වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. පොලීසිය පැවසුවේ, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.