සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණයි

සියලු දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණයි - ජනපති

by Staff writer 02-09-2019 | 4:55 PM

( COLOMBO News 1st ) - උගත් සමාජයක් බිහි කර සියලු දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. පසුගිය ජූනි මාසයේදී පවත්වන ලද ගුරු තරඟ විභාගයට පෙනී සිටි 15,000 ක් අයැදුම්කරුවන් අතරින් පළමු වටය සඳහා 587 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රධානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දරුවා විෂය ප්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන් සාදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.