ප්‍රීතිපුර මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්

ප්‍රීතිපුර මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්

by Staff writer 02-09-2019 | 10:04 AM
COLOMBO (News 1st) : වත්තල, ප්‍රීතිපුර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී 25 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිස් නාවික කොට්ඨාසය හා නාවික හමුදාව දැනුවත් කර අතුරුදන්වූ එම පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.